නිමල් රාජපක්ෂ
කාර්යාල බලා ගමන් ගත් මගීන් හට කොළඹ කොටුවේ සිට නිවෙස් බලා ගමන් කිරිම සදහා ප්‍රධාන මාර්ගයේ අද (10-)සවසට දුමරිය 16 ක් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව ප්‍රධාන කොළඹ කොටුව සිට රඹුක්කන , පොල්ගහවෙල ,කුරුණෑගල ,ගණේවත්ත සහ මහව බලා දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.

