නිමල් රාජපක්ෂ-
රැකියාවල නිරතවන කාන්නාවන් කණ්ඩායම් වශයෙන් සෑදී තුන්වන පංතියේ වාර ප්‍රවේශපත්‍ර ලබා ගෙන දෙවන පංතියේ ගමන් කිරිම නිසා ඉහළ පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්හට දෙවන පංතියේ මැදිරිවල ආසනවල වාඩි වී ගමන් කිරිමට නොහැකිවී ඇතැයි එම මගීන් දුම්රිය ආරක්ෂක හමුදාවට නිතිපතා පැමිණිලි කරන බව දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.
එම පැමිණිලි වලට අනුව පෙරේදා (23) මුහුදු බඩ මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවන වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ පෙරවරු .7.50 ට පමණ රත්මලාන දුමරිය ස්ථානයේ සිට බම්බලපිටිය දුම්රිය ස්ථානය දක්වා දෙවන පංතියේ සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී තුන්වන පංතියේ වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කල මගින් 35 දෙනෙකු කොටු කර ගත් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වීම විශේෂත්වයක් බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් මෙසේ පැවසුවේය.
අත්අඩංගුවට ගත් මගීන් 14 දෙනෙකුගෙන් රුපියල්44480 / දඩ මුදලක් ඒ මොහොතේම අයකර කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්විය.
ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ඇපකර තබාගොස් ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා නිලධාරිනියන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කළහ.
