නිමල් රාජපක්ෂ
දුම්රිය ස්ථාන පහක සිදු කළ විශේෂ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගිය මගීන් අත්අඅඩංගුවට ගෙන රුපියල් රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් රජයට ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
දුම්රිය ස්ථාන පහක එකම දිනයක පෙරවරු 6.00 සිට 9.00 දක්වා වු පැය තුනක කාලයක් තුළ පසුගිය 27 වනදින සිදු කළ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කළ මගිීන් 138 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන්ද හරි හරියට සිටි අතර බොහෝ දෙනෙකු කාර්යාල මගින් වන බවද සහකාර අධිකාරී එන්.පී ජයන්ත මහතා පවසයි
මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිිය ,බම්බලපිටිය හා දෙමටගොඩ යන දුම්රිය ස්ථානවලදීය. මෙහිදී අත්අඩංගුවට ගත් මගීන්ගෙන් ඒ මොහොතේම රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් ලබා ගත් බවද ජයන්ත මහතා පැවසුවේය.
මේ ආකාරයෙන් දිගින් දිගටම තැනින්තැන ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන අතර දුම්රියේ හොරට ගමන් කරන කිසිදු පුදගලයකුට සමාවක් නොදෙන බවත් දඩ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , සහකාර අධිකාරී ජී. සුමිත් මහතාගේ අධීක්ෂණය යටතේ , සහකාර අධිකාරී එන්.පී. ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් ,කොටුව , මෙහෙයුම් ඒකකය , රත්මලාන , දුම්රිය මුලස්ථානය , මාලිගාවත්ත යන සේවා ස්ථානවල කාර්යභාර නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කළහ.
