Spread the love

කතරගම-ප්‍රියලත්
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය යේ හයවන මගුල් මහා පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කෙරේ.
රුහුණු මහා කතරගම දේවාලය ආශ්‍රිතව පෞරාණික චාරිත්‍ර රැසක් සිදු කෙරේ. ඒ අනුව බස්නායක නිලමේ තුමා ගේ නිල නිවසේ දී අද දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ
අනතුරුව රුහුණු මහා කතරගම දේවාලය ඉදිරිපිට පැරණි අතු පන්දලමේ කොල අතු ඉවත් කොට අලුතින් කොල අතු ඇතිරීම දැන් සිදු කෙරේ. දුටුගැමුණු රජතුමා ට අයත් කඩොල් ඇතාගේ දල යුගල තැන්පත් කර ඇත්තේ කතරගම මහා දේවාලය තුළය.
එය අද සිට ලබන 11 වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සදහා තැන්පත් කෙරේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මෙවර පෙරහැර සදහා ගමන් කරනු ලබන්නේ ද අද සිටය.
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාත්‍රී අටට පමණ පෙරහැර ආරම්භ වේ. කතරගම මහා දේවාලය අබියසින් ආරම්භ වන පෙරහැර ඝණ දේවාලය කිරි විහාරය අෂ්ඨඵල බෝධි ය වටා ගමන් කිරීමෙන් පසු ප්‍රධාන වාහල් කඩ දොරටුවෙන් පිට වීදියට පිවිසේ එම වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණේ.එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහ වීදිය ඔස්සේ පැමිණෙන පෙරහැරකතරගම මහා දේවාලයට ගෙවදීමෙන් නිමාවට පත් වේ.