ආණ්ඩුක්‍රම විවස්ථාවෙ 19 වැනි සංශෝධනය මුල්කර ගනිමින් ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම තුලින් ආණ්ඩුක්‍රම විවස්තාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශේශ්ඨාධිකරනය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනාධිපතිවරණය ප්‍රමාද වීමට හේතුවක් නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එම පෙත්සම හරහා ආණ්ඩුක්‍රම විවස්තාවේ 19 වැනි සංශෝධනය අවලංගු වීමක් සිදු නොවන බව පැවසීය.
ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිද දැමීමට කිසිවෙකුට අවස්ථාව ලබා නොදිය යුතුය.
එලෙස ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ අවිනිශ්චිත තත්වයක් ඇතිකිරීමට කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකල යුතු බව වැඩිදුරටත් පැවසීය.