Spread the love

මුල්කිරිගල , ගුණරත්න

රෝග මර්දනයට කැපවු දකුනේ පොල් ගස් වලට ලක්ෂ 461 ක වන්දි ගෙවා ඇතැයි වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. විජයකීර්ති මහතා පවසයි.

පොල් කොළ මැලවීමේ හා කුණු වීමේ රෝග මර්දන වැඩසටහන යටතේ 2025 වර්ෂයේ මාතර , ගාල්ල , හම්බන්තොට දිස්ත්‍රික්කවල ඉවත් කරන ලද පොල් ගස් 8078 ක් සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මගින් රුපියල් ලක්ෂ 461 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි පසුගියදා මාතර දිස්ත්‍රික්ක කාර්යාලයේදී පැවති ප්‍රගතිය විමසීමේදී හා 2026 වර්ෂයේ සුදානම පිළිබඳව පැවතැ සාකච්ඡාවේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. විජයකීර්ති මහතා මේ බව පැවසුහ.

මාතර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ ඉවත් කරන ලද පොල් ගස් ප්‍රමාණය 6429 ක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 12 තුළ මේ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 328 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ග්‍රාම නිළධාරී වසම් 47 ක පොල්ගස් 683 ක වන්දි ලෙස රුපියල් 4681000 වන්දි මුදලක් ද ලබාදී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී 26 ක් හා තංගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රම නිළධාරී වසම් 16 ක පොල් ගස් 966 ක් සඳහා රුපියල් ලක්ෂ 87 ක මුදලක් ද ,පොල් සංවර්ධ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මගින් වන්දි ලෙස ගෙවා ඇති බව ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. විජයකීර්ති මහතා පැවසුවේය.

මේ අනුව රුපියල් ලක්ෂ 461 ක වන්දි මුදලක් ගෙවා ඇති බවත් රෝග මර්දනයේදී මුහුණපාන ගැටලු හා ඒවාට ලබා දී ඇති කඩි නම් විසදුම් පිළිබඳව අවධානය යොමු කළ අතර වාර්ෂිකව රුපියල් මිලියන 2500 ක ආසන්න මුදලක් රෝග මර්දනයට වෙන් කරන බැවින් එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැමෝම එක්ව කටයුතු කළ යුතුබවද වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. විජයකීර්ති මහතා කීවේය.
මේ අවස්ථාවට පොල් සංවර්ධ මණ්ඩලයේ සභාපති වෛද්‍යය සුනිමල් ජයකොඩි. ,පොල් පරේෂණ ආයතනයේ සභාපති මාහාචාර්ය අජිත් ජයවීර,මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලක රත්න,දිස්ත්‍රික් පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් හා ප්‍රදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළදාරින් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.