Spread the love

නිමල් රාජපක්ෂ-

නිවාස සඳහා වන සුවතා විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ජාතික මට්ටමේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ග්‍රාමීය ක්‍රීඩා ප්‍රජාවන් සවිබල ගන්වමින් ශරීර සුවතා ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට උර දෙයි

මෙරට ශරීර සුවතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1998 වසරේදී Quantum Teleshopping ලෙසින් ආරම්භ වූ Quantum Fitness පසුගියදා එහි අභිමානවත් 28 වැනි සංවත්සරය සමරනු ලැබීය.  Quantum Teleshopping ක්‍රමවේදය මෙන්ම නිවෙස් පදනම් කරගත් ශාරීරික සුවතා උපකරණ සංකල්පයන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙමින් Quantum Fitness හි මෙම සාර්ථක ගමන ආරම්භ විය.

වසර තිහකට ආසන්න කාලයක් අඛණ්ඩ ව්‍යාපාරික සංවර්ධනයන් හරහා නිවාස, වාණිජ සුවතා මධ්‍යස්ථාන සහ විවිධ ආයතන සඳහා ජාත්‍යන්තරව පිළිගත් ව්‍යායාම උපකරණ සපයන ප්‍රධානතම ආයතනයක් බවට Quantum Fitness පත්ව ඇත. එමෙන්ම දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත සිය නිෂ්පාදන සහ අලෙවියෙන් පසු විශිෂ්ට තාක්ෂණික සේවා සහායක් ලබා දීම වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයක් වෙතම ශාඛා ජාලය පුළුල් කිරීමටද ඔවුන් පියවර ගෙන ඇත.

2012 වසරේදී සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ Quantum Fitness ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ICON Health & Fitness  ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ලොව සුප්‍රසිද්ධ NordicTrack සන්නාමය මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා ලදී.  එසේම එහි නිල සන්නාම තානාපතිනිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා මෙනෙවිය සම්බන්ධ කරගැනීමට ඔවුන් කටයුතු කරන ලැබීය. අංශක 40ක් දක්වා ඉහළට එසවිය හැකි අතිනවීන ටේ‍රඩ්මිල් (treadmills) ඇතුළු ඉහළ තාක්ෂණික ව්‍යායාම උපකරණ රාශියක් මෙහිදී මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දුන් අතර, එමඟින් දේශීය සුවතා ක්ෂේත්‍රයට නවතම පුහුණු අවස්ථා රැසක් උදාවිය.

Quantum සමාගමේ දායකත්වය හුදෙක් වාණිජමය කටයුතුවලට පමණක් සීමා නොවී සමාජ සත්කාරක වැඩසටහන් තුලින්ද සුවිසල් සේවාවක් ඉටු කරන Quantum Fitness 2019 වසරේදී සීනිගම පිහිටි Foundation of Goodness පරිශ්‍රයේදී ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු නැංවීම සඳහා මාස නවයක පරීක්ෂණ කාලසීමාවක් වෙනුවෙන් Power Plate නැමැති සුවිශේෂී ව්‍යායාම උපකරණ සැපයීමට කටයුතු කරනු ලැබීය. පරීක්ෂණ කාලසීමාව සාර්ථකව නිමවීමෙන් පසු, 2021 ජනවාරි මාසයේදී එම වටිනා උපකරණ ස්ථිර වශයෙන්ම Foundation of Goodness පදනම වෙත පරිත්‍යාග කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  නායක කුමාර් සංගක්කාර මහතා එම නිල පරිත්‍යාගය කෘතඥතාපූර්වකව භාරගනු ලැබීය.

සිය 28 වැනි සංවත්සරය සනිටුහන් කරමින් Quantum Fitness සමාගම සිය ප්‍රදර්ශනාගාර සහ නිල වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වන සජීවී පසබස mini basketball challenge හරහා මෙම සැමරුම් සැණකෙළිය සෘජුවම පාරිභෝගිකයා වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත. මීට සහභාගී වන පාරිභෝගිකයන්ට තමන්ගේ පැසිපන්දු යොමු කිරීමේ හැකියාව පරීක්ෂා කර බැලිය හැකි අතර, එහිදී ලබාගන්නා ලකුණු මට්ටම් මත පදනම්ව සියයට 20ක් දක්වා වූ සුවිශේෂී වට්ටම් සහ තෑගි දිනා ගැනීමටද අවස්ථාව සැලසේ. එමඟින් මෙම ව්‍යාපාරික සංවත්සරය හුදෙක් වෙළෙඳ ප්‍රවර්ධනයකට පමණක් සීමා නොකර පාරිභෝගිකයාට විනෝද වෙමින් සුවිශේෂී වටිනාකම් සහ දීමනා ලබාගත හැකි කදිම අවස්ථාවක් බවට පත් කර තිබේ.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා මනාව පිළිබිඹු වන්නේ ශාරීරික සුවතාවය යනු ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ළඟා විය හැකි, උද්යෝගිමත් මෙන්ම විනෝදජනක දෙයක් විය හැකිය යන Quantum සන්නාමයේ මූලික විශ්වාසයයි. එමඟින් ශාරීරික ක්‍රියාකාරකම්වල පවතින සක්‍රීය ජවය, පාරිභෝගික අත්දැකීමක පවතින සතුට සහ ආකර්ෂණය සමඟ ඉතාමත් අපූර්ව ලෙස මුසු කිරීමට සමාගම පියවර ගෙන තිබේ.

පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ සහ නිරෝගීභාවය නැංවීමේ සුවිශේෂී වැඩසටහන්  හරහා සිය ව්‍යාපාරික මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් සිටින Quantum සිය Customer Engagement Programme (පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන) මඟින් පාරිභෝගිකයන්ට තමන්ගේ සිරුරට සහ සෞඛ්‍යයට වඩාත්ම ගැළපෙන ව්‍යායාම උපකරණ නිවැරදිව තෝරාගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ලබයි. එසේම අලුතින්ම ආරම්භ කර ඇත Quantum Fitness Health Academy ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයන් මෙහෙයවන නොමිලේ පවත්වනු ලබන සජීවී වෙබිනාර් මාලාවක් දියත් කිරීමද සිදු කරයි.