නිමල් රාජපක්ෂ-
පොසොන් උත්සවය වෙනුවේන් මේ මස 26 වැනි දින සිට පුලි මස 2 දින දක්වා දින 7 ක් සුරාසල් අනුරාධපුර ජුජා නගරය කේන්ද්‍ර කර ගනිමින් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරල් එම්.බි.එන්.ඒ .පේමරත්න මහතා පවසයි
අදාල සතියක කාලයක් සුරාසැල් වසා තබනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරකය . එනම් නැගෙනහිර නුවර ගම් පලාත, මධ්‍යම නුවර ගම් පලාත, මහවිලච්චිය , මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ වලය.
නමුත් දිවයින පුරා සුරාසැල් වසාතබනුයේ මේ මස 29 වැනි පොසොන් පොහොය දිනයේ පමණක් බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
පොසොන් උත්සවයට බැති මතුන් ලක්ෂ සංඛ්‍යාවක් අනුරාධපුරයට පැමිණෙන බැවින් අදාල කාලසීමාව තුළ වන්දනා මාන කිරීමට පැමිනෙණ කණ්ඩායම් මත්පැන් රැගෙන විත් හසුවුවහොත් තරා තිරම නොබලා නීතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයිද සුරාබදු කොමසාරිස් වරයා පැවසුවේය.
යතුරු පැදි කණ්ඩායම් සිවිල් ඇදුමින් සැරසුනු , නිලධාරින් අදාල කාලසීමාවේ දැඩි ලෙස සෝදිසි මෙහෙයුම සිදු කරන බැවින් බැතිමතුනට ඉතා නිදහසේ වන්දනා මාන කිරීම සදහා කටයුතු කරන බවත් මත් ජාවාරම් කරුවනට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
සිය සුරාබදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරිය වෙත ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි.
එසේ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.-
