Spread the love

පොසොන් පොහොය නිමිතෙන් අද (12) සිට අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනවිරත්න මහතා පැවසයි. 

ඒ අනුව අද දවල් 12.40 සහ රාත්‍රි 09.00 කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය දෙකක් ධාවනය කෙරේ.

හෙට(13) ද කොළඹ කොටුවේ සිට දුම්රිය 05ක් අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.එම දුම්රිය අළුයම 03.30,දවල් 12.40,පස්වරු 04.40,පස්වරු 06.00 සහ රාත්‍රි 09.00 එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතයි.

ඊට අමතරව කොළඹ කොටුවෙ සිට කන්කසන්තුරය සහ කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි.

මගීන්ගේ පැමිණීම අනුව අනුරාධපුර සිට කොළඹට දුම්රිය ධාවනය කිරීම සිදුකරන බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.