නිමල් රාජපක්ෂ –
පොහොයදින ඇල්ල ප්රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි ප්රසිද්ධියේ නිති විරෝධි ලෙස මත්පැන් අලෙවි කල හෝටල් හා ආපන ශාලා 7 ක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමගින් සැකකරුවන් හත් දෙනෙකු සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
පොහොය දා සියලුම් සුරාසැල් වසා තැබිය යුතුව තිබුණද මෙම සැකකරුවන් කිසිදු බියක් නොමැතිව ඇල්ල ප්රධාන මාර්ගයට යාබදව මත්පැන් ජාවාරම සරුවට කරගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරීන් පැවසුවේය.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් බෝතල් 405 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදි බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි පී.එන්. හේමන්ත මහතාගේ අධික්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් ශ්රි ජයවර්ධන පුර සුරාබදු ස්ථානයේ නිලධාරීන්ගේද සහාය ඇතිව සුරබදු පරික්ෂකවරුන්වන ඒ.ටි .වීරමන් හා චන්දන කස්ත්රරිආරච්චි යන නිලධාරින්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළහ.
