බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බවයි.
හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව සඳුදා (26) දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප රට සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඔවුන් සෑම විටම අප රටේ මූල්‍ය කළමණාකරණය පිලිබඳව සොයා බැලූ බවයි.