Spread the love



විශේෂිත වකවනුවක් බැවින් , මේ දිනවල බදු පිලිබඳව සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් ආයතන වලට නොඑවන බවත් , එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි කණ්ඩායමක් යම් ආයතනයකට පැමිණියහොත් ඔවුන්ගේ හැදුනුම්පත ඉල්ලා සිටින ලෙසයි. එසේම කුමන නිලධාරියෙකු පැමිණියද ඔවුන්ට මුදල් භාර ගැනීමට කිසිදු අයිතියක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා , චෙක්පත් භාර ගැනීමද සිදු නොකරන බැවින් යම් අයෙකු දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යම් ගෙවීමක් කළ යුතුව ඇත්නම් එය අදාල බැංකු ශාාඛව හරහා සිදු කළ යුතු බව යි.
වංචනිකයන් පිරිසක් විසින් සිදුකරන , එවැනි සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන වලට වාර්තා කිරීමටත් , එම අයගේ ඡායාරූප හා දුරකථන සංවාද ආදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී එම වංචනියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු එහිදී පවසා සිටියේය .