නිමල් රාජපක්ෂ –

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොල ආසන්නයේදී අද අළුයම අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා ප්‍රතිකාර සදහා දියතලාව රෝහල් ගත කර ඇත.

අනතුරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් බදුල්ල මහ රෝහල වෙත මාරුකල බවත්, මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවත් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේය.

සිද්ධිය පිළිබද දියතලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


