නාගොඩ- සුමන
සුළු දෝෂ සහිත බස්රථ 770ක් ඩිපෝ වල ගොඩගැසී ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එම බස්රථ අලුත්වැඩියාව සඳහා ප්‍රතිපාදන නොමැති වීම ,තාක්ෂණික ශ්‍රම දායකත්වය අවම වීම සහ නිවැරදි සැලසුමක් නොමැති වීම යන කරුණු බලපා තිබේ.
ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් මෙරටට ගෙන්වු අධි සුඛෝපභෝගී බස්රථ 50 ආසන්න සංඛ්‍යාවක් ද සුළු දෝෂ හේතුවෙන් ඩිපෝවල ගාල්කර ඇතිබව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
