පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසුවේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ජලාශ වල සමස්ත ජල ධාරිතාව මේවන විට 75% මට්ටමේ පවතියි.
ඇතැම් ජලාශ වල ජලමට්ටම 85% මට්ටමේ පවතින බව පැවසුවේය.
