Spread the love

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට අවධානය යොමුව ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය සේවය ඇතුළු මෙරට සියලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විද්‍යුත් ක්‍රමවේදය යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.