Spread the love

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (25) උදෑසන අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි මයියංගනය පොලීසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.සිද්ධිය පිළිබද මයියංගනය පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.