Spread the love

පෞද්ගලික බස් රථ දෙකක් මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී මුහුණට ගැටී සිදුවූ අනතුරින් හතළිස්තු දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කොට තිබේ.

අනතුරින් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ. අනතුර සිදු වි ඇත්තේ අද පෙරවරු .45 පමණය.

අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි