Spread the love

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

මීට පෙර එම ධුරයේ රාජකාරි කළ කර්නල් නලීන් හේරත් මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු මෙම ධුරයේ වැඩ භාර ගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුළින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් කළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකුද වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස විශිෂ්ට සේවයක් ද සිදු කළේය.