Spread the love


නිමල් රාජපක්ෂ –
පිළියන්ද බෝකුන්දර ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කැස්බෑව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ලීටර 175 ක් සහ නීති විරෝධී ලෙස සාදන ලද මත්පැන් හෙවත් ගෝඩා ලීටර 400 ක් දගරයක් , ගෑස් සිලින්ඩරයක් ඇතුළු පෙරණ උපකරණ තොගයක් සොයා ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරින් රොෂාන් පෙරේරා මහතා පවසයි.


අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකරුව පසුගිය 25 වන සිකුරාදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000/=) ක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියම කොට ඇත.


සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත, බස්නාහිර පලාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීමෙන්, කොළඹ නගරය (1) සුරාබදු අධිකාරී තිලක් දිසානායක මහතාගේ අධික්ෂණය යටතේ, කැස්බෑව සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක අසේල ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු කෝප්‍රල් 667 සුනෙත් මුණිදාස මහතාගේ ඔත්තුවක් මත, සුරාබදු පරීක්ෂක නිලන්ත වැලිවත්ත , සුරාබදු සැරයන් 648 සමරකෝන්, සුරාබදු කෝප්‍රල්වරුන් වන 1002 ආටිගල, 1084 විදුර, 1143 රොෂාන් සහ සුරාබදු රියදුරු නිලාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.