නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විස්සකට (620) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ එක් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම යාත්‍රාව තුල උර දහහතක (17) අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසිපහක (625) පමණ තොගයක් සමඟ එක් සැකකරුවෙක් (01) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන මීගමුව පමුණුගම ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
