නිමල් රාජපක්ෂ –
ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
අද (29) පස්වරුවේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තත්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වේ.
මීට සමගාමීව මල් පහන් පෙරහර සහ බොදු බැති ගී ප්රසංගයක්ද මෙහිදී පැවැත්විණ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, මහවිලච්ච්ය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රගුප්ත වන්නිනායක, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා සහ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
