Spread the love

යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (06) බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

‘පාලෙයිතිව්’ උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත් ව ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුරින් පුද්ගලයන් කිහිප දෙනකු දියේ ගිලී ඇති අතර, ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.