නිමල් රාජපක්ෂ
ආරක්ෂක සේනා මූලස්ථාන නැගෙනහිරහි රාජකාරී සංචාරයක් අතරතුරදී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගනිමින් ශ්‍රි මහා කාශ්‍යප පිරිවනේ සාමනේර භික්ෂූන් වහන්සේලාටත්,ආචාර්ය මණ්ඩලයට, සහ ප්‍රදේශයේ දහම් පාසල් කිහිපයක දරුවන්ට පොත්පත් සහ ඉගෙනුම් උපකරණ ලබා දීමට කටයුතු කරන ලදී.
ශ්‍රී මහා කාශ්‍යප පිරිවනේ ප්‍රධානාචාර්ය මහනුවර විචිත්රාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි යුද හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලාංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුත්ත සිදු කරන ලදී.
