නිමල් රාජපක්ෂ-
කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට දෝහා හරහා කටාර් ගුවන්සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් (වයස 37) ගේ ගමන් මළුවල සගවා තිබී රුපියල් මිලියන 181 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අද(22) අළුයම 2.50ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
නිලධාරීන් කළ පරීක්ෂණයකදී සැකකාරියගේ පරීක්ෂා කරන ලද ගමන් මලු තුළ සඟවා තිබූ හෂිෂ් ග්‍රෑම් 18,123 ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදු කරමින් සිටින අතර සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිතය.
