Spread the love


නිමල් රාජපක්ෂ
පොහොය දා (06) මත්පැන් අලෙවි කල මඩාටුගම රටබීම හලට අද(06)සවස උතුරු මැද පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සීල් තබා ඇත.
අදාල බලපත්‍ර ලාභියා පොහොයදින සියළුම සුරාසැල් වසා තැබීමට නියමිතව තිබියදි මත්පැන් අලෙවි කිරීමේදි ලද තොරතුරකට අනුව වෙස්වලාගත් සුරාබදු නිලධාරීන් මත්පැන් මිලදි ගන්නා මුවාවෙන් ගොස් අදාල ස්ථානය වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී .එන්.ඒ. පේමරත්න මහතා දැණුවත් කල විට ඒ මොහොතේම සීල් තැබීමට නියෝග කොට තිබේ.
රටබීම හල සිල් තැබීමෙන් පසු බලපත්‍ර ලාභීයාට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට තිබේ. ඉදිරියේදි බලපත්‍ර ලාභියාගේ පෙරවැරදි සලකා බල සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිිරිපත් කොට සමථ ගාස්තු අයකර ගැනීමට නියමිතයි
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ. පේමරත්ත මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරිම් තිස්ස කුමාර රාජපක්ෂ  ,උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , සුරාබදු අධිකාරී කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති අසෝක තිලකරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.