Spread the love

.

නිමල් රාජපක්ෂ
ලෝක අමද්‍යප දිනය දා(03)දිවයින පුරා සියළුම සුරාසැල් වසා තැබිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කොට තිබියදී බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවිකළ රටබීම හල් 3 කට සුරාබදු නිලධාරීන් ඒ මොහොතේම සීල් තබා ඇත.
මෙහිදි නාත්තන්ඩිය රටබීම හල් දෙකක් හා හුංගම රටබීම හලක් විවෘත කොට මත්පැන් අලෙවි කිරීමේදී සුරාබදු නිලධාරින් අදාල ස්ථාන වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා දැණුවත් කලවිට ඒ මොහොතේම සිල් තැබිමට නියෝග කොට තිබේ.

අමද්‍යප දිනය දා සියළුම බලපත්‍ර ලත් රටබීම හල් , හෝටල් , ආපනශාලා හා කැරෝකී සමාජ ශාලා ඇතුලු බලපත්‍ර ලැත් මත්පැන්අලෙවි කරන ස්ථාන සියල්ල වසා තබන ලෙස දැණුවත් කර තිබිණ. මෙහිදී බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් හට තරා තිරම නොබලා දැඩ දඩුවම් පමුණුවන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
අදාල දිනයේ බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් නිතියේ රැහැනට ගැනීම සදහා විශේෂ සුරාබදු කණ්ඩායම් යොදවා තිබිණ . එහි ප්‍රථිපලයක් ලෙස අදාල ස්ථාන තුන සිල් තැබීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබිණ.
බලපත්‍ර කොන්දේසි කඩකල රටබීම හල් මුදා තැබීමෙන් පසු බලපත්‍ර ලාභීන්හට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට තිබෙන අතර ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට බලපත්‍රලාභීන්ගේ පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු අයකර ගැනීමට නියිමත බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර මහතා පැවසුවේ.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නිති ක්‍රියාත්මක කිරිම් තිස්ස කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ , තාත්තන්ඩිය රටබීම හල්දෙක කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි. ,පරීක්ෂක ඩබ්ලිව්.ජී.එස් නිශාන්ත,ජානක ඩයස් , නියාමක වරුන්වන 1197 හසන්ත, 1198 පැතුම් සිල්වා ,හුංගම රටබීම හල දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල සුරාබදු ස්ථානාධිපති අරුණ කාන්ත , පරීක්ෂකවරුන්වන නලින් ධර්මසිරි, සම්පත් නයනප්‍රිය , සැරයන් 941 මල්ලියාවඩු ,කොප්ප්‍රල් 981 ඉත්දික මුතුහෙට්ටිගම , නියාමක 1133 ජනිත් මිහිරාන් 1078 විජේසේකර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.