නිමල් රාජපක්ෂ
කැනඩාවේ සිට ම්ත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන සැකකරුවකුගේ ගෝලයෙක් සමගින් තවත් සැකකරුවකු ත්‍රිරෝද රථයක් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදි වත්තල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 25 ක් අතැතිව සිටි පුද්ගලයෙකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.පසු ව අදාල සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ කරුණු මත වත්තල – හුණුපිටිය ප්‍රදේශයේදී තවත් අයිස් ග්රෑම් 115 ක් සමග මෙහි ප්‍රධාන සැකකරු ද මත්ද්‍රවය ප්‍රවාහනය කළ ති රෝද රථයක් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.
අදාල සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී කැනඩාවේ සිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නෙක් ඇති බවත් Online ක්‍රමයට ඔහුට මුදල් යැවීමෙන් පසු ඒ ඒ ප්‍රදේශ වලට මෙම මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ අත්අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරු වන බව ට තොරතුරු අනාවරණය වී තිබිණ.
මෙම සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකරුවන් 07 ක් සඳහා ලබාගත් රැඳවුම් නියෝග මත මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.
