නිමල් රාජපක්ෂ -.
මත්පැන් විකිණිම සදහා නව බලපත්‍ර නිකුත් කිරීමේදි සුරාබදු ආඥාපනතේ හා අනෙකුත් සියළුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යවශය අවස්ථාවන්හිදි පමණක්‘‘ බලපත්‍ර‘‘ කාණ්ඩ යටතේ සුරාබදු දෙපාර්තුමෙන්තුව මගින් නිකුත් කරන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි
එහිදි ර.බි 7/8 යටත් ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ අනුමැතිය ලක් හෝටල් සදහා බලපත්රයද , ර.බී. 11 යටතේ ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් භෝජනාගාර (Restaurant) බලපත්‍රය ද, ර.බී.22 බී. යටතේ ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලත් ස්ථානීය පරිභෝජනය සදහා , බියර්,ඒල්, ස්ටවුට්හා වයින් විකිණීීම සදහා වු විශේෂ බලපත්රයද , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් සුරාබදු නිවේදන 936 යටතේ ලබාදෙන බුටික්විලා බලපත්රයද , ර.බී.14 . යටතේ සහකාර සුරාබදු කොමසාරිස් ගේ අනුමැතිය මත උත්සව සදහා පීඨිකා ක්‍රියාත්මක කිරීමට ලබා දෙන අවස්ථා බලපත්රයද ලබා දීමට පියවර ගන්නා බවද රොෂාන් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.
