Spread the love

නිමල් රාජපක්ෂ-
නීති විරෝධී මත්පැන් දිවයිනෙන් තුරන් කරන්න වැඩ පිළිවෙලක් ඉදිරියේදී දියත් කරන බවත් ,බලපත්‍ර ලාභීන් අනිසි ආකාරයෙන් මත් පැන් ජාවාරම් සිදු කලහොත් තරා තිරම නොබලා නීිතිය දැඩිව ක්‍රියාත් මක කරන බවත්, බලපත්‍රලාභියාගේ පෙරවැරිදි සලකා බලා බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවත් නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් යු.එල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා එසේ පැවසුවේ අද (12) පෙරවරු 9.30 ට පමණ සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදීය.


උදය කුමාර පෙරේරා මහතා ආදායම් දෙපාර්තුමේන්තුවේ විශේෂ ශ්‍රේණියේ ජේෂ්ඨ කොමසාරිස් වරයකු ලෙස සේවය කරමින් සිටියදි ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නියෝගය මත කැබිනට් අනුමැතිය යටතේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් විදිහට තමන් පත්කල බවද මෙහිදී පැවසුවේය.
මෙදින හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතාද මෙම අවස්ථාවට සහභාගිවුහ.


තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා , රජයේ බදු ආදායම වැඩි කිරීමට අප කටයුතු කලයුතැයි ඒ සදහා සියළුම නිලධාරී්න් එකාමෙන්ව සිය රාජකාරි ඉටුකල යුතු බවත්ඒ පැවසුවේය. තවද නිලධාරී්න්ට උපදෙස් ලබා දුන්නේ සුරාබදු ආදායම වැඩි කිරීම සදහා ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසයි.මන්ද නීති විරෝධී මත්පැන් දිවයිනෙන් තුරන් කිරිමට සදහා සෑම පියවරක්ම ඉදිරියේදී ගත්නා බවත් , ඒ සදහා නිලධාරින් කටයුතු කිරිමේදි දේශපාලන බලපෑම් පැමිණිය හොත් එයට මුහුණ දීමට තමන් නොපැකිලෙන බවත් නිලධාරින් වෙනුවෙන් ගතහැකි සෑම පියවරක් ම ගන්තා බවත් උදය කුමාර මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වවරයා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න