නිමල් රාජපක්ෂ
මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේදී පසුගියදා (22) ගංජා ගෝනියක් සමගින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු බලපෑමන් නොමැතිව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිිසියට දැණුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පවසයි.
අදාල නිලධාරීන් දෙදෙනා වරෙන්තු කරුවන් ඇල්ලීමට සදහා ගොස් ඇති බවට කරුණු අනාවරණය වුවද එසේ යන්නේ නම් පරීක්ෂක වරයකුද යායුතු බවට සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් වාර්තාවෙයි. මෙම නියාමකවරුන් දෙදෙනා තම පුද්ගලික වාහනයෙන් ගමන් කරද්දී පොලීසිය කල පරික්ෂාවකදී ගංජා ගෝනිය සමගින් අසුවී ඇතැයිද වාර්තාවෙයි.
අදාල කරුණ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තුමේන්ව මගීන් අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වා නියාමකවරුන් දෙදෙනා වරද කරුවන් වුවහොත් සේවය අත්හිටුවීමට හෝ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.
