Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාතර දිස්ත්‍රික් මැතිවරණ කටයුතු මෙහෙයවීම දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරය විලී ගමගේ මහතාට පවරා තිබේ.

එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නාමල් රාජපක්ෂ මහතාට ඉතිරිවී සිටින එකම මන්ත්‍රීවරයා වන නිපුණ රණවක මහතා සමග එක්ව එම දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම හිටපු ආණ්ඩුකාරවරයාට භාරදී ද ඇත.

විලී ගමගේ මහතා වසර හතරකට ආසන්න කාලයක් දකුණේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.

මාතර දිස්ත්‍රික්කය තුළ නාමල් රාජපක්ෂ මහතා මේ වනතෙක් ප්‍රධාන පෙලේ ජනාධිපතිවරණ ජනරැළියක් පවත්වා නැත