Spread the love

මාතර බන්ධනාගාරයේ රදවා සිටි සියළු රැදවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු කර ඇත.

ඒ එහි ඊයේ රාත්‍රියේ එහි හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙනි.

රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් රැදවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය කොට ඇති අතර ගැටුම නිසා බන්ධනාගාරයේ ගබඩා කාමරය ඇතුළු ස්ථාන කිහිපයකට හානි වී ඇත.