නිමල් රාජපක්ෂ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණ.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මාලදිවයින් ජනාධිපති ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වෙයි.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ සජිදා මොහොමඩ් මැතිණිය, පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණ.
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා පිළිගනු ලැබිණි. අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රභූ සම්මාන පිළිගැනීමෙන් අනතුරුව මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතයෝ හඳුන්වා දීම සිදු විය.
මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් රාජ්‍ය නායකයින්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබීමද මෙහිදී සිදු විය.
මාලදිවයින් රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam), ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් (Mohamed Saeed), ධීවර, කෘෂිකර්ම සහ සාගර සම්පත් අමාත්‍ය අහ්මඩ් ෂියාම් (Ahmed Shiyam), රාජ්‍ය ආරක්ෂක, කම්කරු සහ තාක්ෂණ අමාත්යඅලි ඉහුසාන් (Ali Ihusaan), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අබ්දුල්ලා ෆයාස් ( Abdulla Fayaz), විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති ප්‍රධාන ලේකම් මොහොමඩ් නසීර් ( Mohamed Naseer), රජයේ ප්‍රධාන ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ්(Mohamed Hussain Shareef), ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad), විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රොටොකෝල් ප්‍රධානී මොහොමඩ් ෂහුදි (Mohamed Shahudy) , ජනාධිපති
ආර්යාවගේ සමාජ ලේකම් ඛදීජා නෂ්වා ( Khadeeja Nashwa), ජනාධිපති නියෝජ්‍ය උප ලේකම් මොහොමඩ් හසාන් (Mohamed Hassaan), ජනාධිපති ආර්යාවගේ පෞද්ගලික අධ්යක්ෂ ලුබාබා අලි (Lubaba Ali) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (යුරෝපය, උතුරු ඇමරිකාව, නැගෙනහිර ආසියාව සහ ඕෂනියාව, අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග සහ නීති) එම්. ආර්. කේ ලෙනගල සහ මාලදිවයින්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් (Mohamed Rizvi Hassen) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
