Spread the love


නිමල් රාජපක්ෂ-
සිංහල අවුරුදු සමයට සමගාමීව අප්‍රියෙල් මාසයේ  හියාරේ රක්ෂිතයේ , බලපිටිය ,ගාල්ල කොටුව  තල්පේ හා අම්බලන්තොට යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් නිති විරෝධී මත්පැන් පෙරණ ස්ථාන හා විදේශිය මත්පැන් අලෙවි කරන ස්ථාන 40 ක් වටලා රුපියල් තිස්පන් ලක්ෂයක් වටිනා ම්ත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 87 දෙනෙකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සෝදිසි මෙහෙයුමේදි හියාරේ රක්ෂිතයේ ජල පාරවල් හරස් කොට පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදානාගාර 20 ක් , දගර 20 ක් , පෙරණ උපකරණ තොගයක් සමගින් සැකකරුවන් 35 දෙනෙක්ද , බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවි කල අවන්හල් 20 ක් ද කොටු කර ගැනීමට සමත්වු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෛහයුම් ඒකකයේ ස්ථානාධිපති , සුරාබදු පරීක්ෂක පී.මංජුල ලියනආරච්චි මහතා පැවසුවේය.

මෙහිදි නිති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත අත්අඅඩංගුවට ගත් සැකකරුවන් 87 දෙනා ඉදිරියේදී ගාල්ල,  බලපිටිය , හම්බන්තොට යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිිමට නියමිතය.


දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර  මහතාගේ උපදෙස් මත,  ගාල්ල සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක පී.මංජුල ලියනආරච්චි  මහතාගේ මෙහෙයවීමෙන්,සුරාබදු පරීක්ෂකවරුන්වන  ලක්ෂාන් පෙරේරා, අසංක කල්‍යනප්‍රිය,  උදාර සම්පත් ,සුරාබදු සැරයන් මේජර් විරාජ් හේමපාල ,සුරාබදු සැරයන් 710 ජයන්ත ප්‍රේමකුමාර, සුරාබදු කෝප්‍රල් වරුන්වන  980 ඉන්දික, 1108 හර්ෂනාත් , 1117උදාන දිසානායක ,සුරාබදු නියාමක  වරුන්වන ,    1031 උපුල් ප්‍රියංකර  ,1252 හසිඳු බුලත්සිංහල ,සුරාබදු නියමිකා  97 සියුමි එරංගිකා,නියාමක රියදුරන්වන  චන්දන ,  ලක්මාල්  යන නිලධාරිහු මෙම වැටලිම් සිදු කළහ.