Spread the love

.


නිමල් රාජපක්ෂ 

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සදහා රුපියල් මිලියන 48 වියදමකින් වැඩසටහන් රැසක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙයි.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරළෙයිපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුරුත්තානෛයි ගම්මානය මූලික කරගනිමින් පසුගියදා (15) දියත් කළ වැඩ සටහනනේදී පවුල් 292ක 917ක් පමණ ජනතාවක් වාසය කරන මුහුදු වැද්දන් ලෙස හඳුන්වන ආදිවාසී පවුල් 8ක්ද සිටින බවට හදුනා ගනි.
යුද්ධයෙන් පසු නැවත පදිංචි කරන ලද මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. ඉතා දිළිඳු ගම්මානයක් වන මෙම ගමේ ජනතව මුහුණදී ඇති ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනාගේන ඒ සඳහා මූලිකව විසඳුම් ලබාදීමට පියවර ගැනිණ.


ඔවුන්ගේ මූලික ගැටළුවක් වන පානීය ජල ගැටළුව විසඳීම සඳහා රුපියල් මිලියන 19ක් ප්‍රතිපාදන ලබා දෙමින් ජල යෝජනා 2ක් ආරම්භ කිරීම සිදුකෙරිණි. ඒ අනූව ගම්මානයේ පවුල් 245ක් සඳහා පානීය ජලය ලබාදීම ඉලක්කයයි. තවද සනීපාරක්ෂක පහසුක්ම් නොමැති පවුල් 96ක් සඳහා රුපියල් මිලියන 18ක වියදමින් වැසිකිලි පහසුක්ම් ලබාදීමට ආරම්භ කෙරුණි. ගම්මානයේ දැනට පවතින සෞඛ්‍ය සායන මධ්‍යස්තානය ඉතා අබලන් තත්වයේ පවතින අතර එය නිවීකරන සඳහා රුපියල් මිලියන1.8ක ප්‍රතිපාදන වෙන් කරමින් වැඩකටයුතු ආරම්භ කරන ලදි.
එමෙන්ම රුපියල් මිලියන 4.9ක මුදල් ප්‍රතිපාදන අනූව ආබාධ සහිත පුද්ගලයන් වෙසෙන පවු 7ක් සඳහා නිවාස 7ක් ඉදිකරදීමට ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් පියවරගෙන ඇත. වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් එක් නිවසක් ද, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් නිවසක් ද නිවාස අහිමි දිළිඳු පවුල් සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.


එමෙන්ම වන අලි ගැටළුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව විදුලි වැට ඉදි කිරීමට ද ආරම්භ කරණ ලදි. මෙම සියළු ව්‍යාපෘති සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 480 කි.
සෞඛ්‍ය සායන කඳවුරක්, වැඩිහිටි තැනැත්තන් සඳහා වැඩිහිටි හැඳුනුපත් ලබාදීම, නීත්‍යානුකූල නොවන විවාහක අයවලුන් සඳහා විවාහා සහතික ලබාදීම, උප්පැන්න සහතික නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීම, ආබාධා සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ පිරිනැමීම වැනි සමාජ සත්කාරක බොහොමයක් එදින ගම් පියසේදී සිදුකරන ලදි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම් වරුන් වන රාධා නානායක්කාර, නාලිකා ප්‍රියදර්ශනී, මඩකලපුව දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.