මාලන් විතාන –
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගැනීම කෙරෙහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමූ විය.
ඒ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ රෝහලේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා සිදූ කළ විශේෂ නිරීක්ෂණයක දීය.
මෙහිදී මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනය සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් සලකා බැලීමේ දී අඩු පහසුකම් යටතේ වුවද මෙම රෝහල සහ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය දිස්ත්‍රික්කයේ මෙන්ම අවට ප්‍රදේශවල ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි ප්‍රසාදය පළ කළ අතර, එමෙන්ම එම සේවා කාර්යක්ෂමතාවය තවත් ඉහළ මට්ටමකට ගෙනඒමේ හැකියාව පිළිබඳව විශේෂයෙන් සොයා බලන ලදි.
රෝහල මගින් දැනට ලබාදෙනූ ලබන සෞඛ්‍ය සේවා සහ යටිතල පහසුකම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉතා සමීපව නිරීක්ෂණය කරනූ ලැබීය.
