Spread the love

ඉතිහාසයේ වැ‍ඩියෙන්ම වැඩ කළ ප්‍රාදේශීය සභා හා පළාත් සභා තිබුණේ මහින්ද රාජපක්ෂ යුගයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවස

ආණ්ඩු බලය නොතිබූ අවස්ථාවලද තමන් ප්‍රදේශීය සභා ජයග්‍රහණය කළ බවත්, ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා තමන්ගේ නොවන බවට පවසමින් කෙඳිරිගෑමක් සිදු නොකළ බවත්, වැඩ කිරීම පමණක් සිදු කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂයේ සිටියත්, ආණ්ඩුවේ සිටියත් වැඩ කරන ක්‍රමය තමන් දන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව විවිධ මාතෘකා කරලියට ගෙන එන බවත්, මෙම සතිය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ සතිය බවත්, පසුගිය සතිය ඩේසි ආච්චිගේ සතිය බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.