නිමල් රාජපක්ෂ-
මොරටුව දුම්රිය ස්ථානයේ පැය තුනහමාරක කාලයක් තුළ සිදු කළ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කල මගීන් 51 දෙනෙකු දකුණු පලාත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 15 දෙනෙකු සිටි බව දුම්රිය ආරක්ෂක සේවයේ දකුණු පලාත් සහකාර අධිකාරී ප්‍රදීප් ජයතිලක මහතා පවසයි.
මොරටුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව පසුගියදා(27) පසවරු 4.30 සිටි රාත්‍රී 8.00 දක්වා වු කාලය තුළ මොරටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිදු කර තිබිණ.
එහිදී ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කල මගින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන එයින් 32 දෙදෙනකුගෙන් ඒ මොහොතේම රුපියල් එක්ලක්ෂ හයදහසක (106000/) දඩ මුදලක් අයකර ගෙන ගෙන තිබේ. ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි මගීන් ඇපකර තබාගොස් ඇත.
දුම්රියේ දිනපතාම මගීන් හොරට ගමන් කරන බැවින් ඉදිරියේදී දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂාවක් සිදු කරන බවත් , ප්‍රවේශපත්‍ර නොමැතිව අසුවන කිසිදු මගියකුට සමාවක් නොදෙන බවත් තරා තිරම නොබලා දඩ මුදල් පනවන බවත් ප්‍රදිප් ජයතිලක මහතා පැවසුවේය.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර අධිකාරී ප්‍රදීප් ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ, රත්මලාන කාර්යභාර නිලධාරී රත්මලාන ඩබ්ලිව්.ඩී.ජේ. අසන්ත , අලුත්ගම කාර්යභාර නිලධාරී එම්.ඒ .ඩී අභයරත්න යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් උප පරීක්ෂක දර්ශන පොන්සේකා, සැරයන්වරුන්වන වික්‍රමසේකර, අමරතුංග , ආරක්ෂක නිලධාරීන්වන සිල්වා , ගංගොඩවිල, මුදලිගේ, අනුරංග, ගොඩගේ, සේනාපති, කාන්තා දුම්රිය ආරක්ෂිකාවන්වන චමිලා විතානගේ, ප්රියදර්නී විජේරත්න ,මදුෂා රනේපුර, ගයනී, එරන්දි මෙන්ඩිස් ,ගංගානී ඇතුලු නිලධාරීන් 20 කගේ සහයෝගයෙන් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කළහ.
