Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ 103 වන වාර්ෂික නිලවරණය හා සංවත්සරය ඊයේ ( 2026 නොවැම්බර් මස 27) මාළිගාවත්ත සෙරන්ඩිබ් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

එම නිලවරණයේදී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රථම වතාවට සභාපති ලෙස නුවන් ඉලංගසිංහ මහතා ඡන්දයෙන් තේරී විය. ප්‍රධාන ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතා තේරී පත්වූ අතර භාණ්ඩාගාරික ලෙස සතිස්කුමාර් මහතා තේරී පත් විය.

මෙවර නිලවරණය සඳහා වසර 06 ක් අඛණ්ඩව සභාපති තනතුර දැරූ සුමේධ සෝමරත්න මහතා ඉදිරිපත් නොවිය.