ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීම සඳහා ඔමාන රජය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසූමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් ඔමාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඔමාන තානාපති Ahmed Ali Said Al Rashdi මහතාත් අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ඔමාන තානාපති කාර්යාලයේ Deputy Chief of Mission Mr. Said Ali Nasser Al Harbi සහ එහි පළමු ලේකම් Ms. Samira Said Ali Saif ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙම අවබෝධතා ගිවිසුම විසින් ආවරණය කරන ඉසව් මගින් පර්යේෂකයින් විසින් සිදු කරන නිල චාරිකා, අධ්‍යයන හා පර්යේෂණ, කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා අපනයන දිරිමත් කිරීම දෙරටටම බලපාන පරිදි ශක්තිමත් කිරීම ආදි ගණනාවක් සම්බන්ධව එකඟතාවය පළ කරනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ ඔමාන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගන්නා පියවර එරට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක් කරන බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අවබෝධතා ගිවිසුම ඔමානය හා ශ්‍රී ලංකාව අතර එළඹුනු ෙඑතිහාසික ගිවිසුමක් බව ද සඳහන් කළේය. විශේෂයෙන් දෙරට අතර පවතින මිත්‍රත්වය මෙමගින් ශක්තිමත් වූ බව ද අමාත්‍යවරයා කීය.