Spread the love

හොරණ, වගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙන මෝටර් රථයක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු හා යතුරු පැදිකරු බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ප්‍රතිකාර සදහා ඇතළු කර තිබේ.

අනතුර සම්බන්ධ යෙන් CCTV කැමරාවක සටහන්ව තිබෙන අයුරුද දක්නට ලැබීණ .එහිදි අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ යතුරුපැදිකරු උඩින් විසිවී ගොස් බිම වැටෙන අයුරු ද එම දර්ශනවල සටහන්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ඔවුන් දෙදෙනා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුර හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.

හොරණ පොලීසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.