මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටීමේන් යතුරු පැදියේ ගමන්කල තරුණියකගේ හිස වෙනත් වාහනයකට යටවීමෙන් එම් ස්ථානයේදීම මියගිය පුවතක් අද උදෑසන වාර්තාවිය
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා හා දියණිය වාහනයේ ගැටී ඇදවැටි ඇති අතර එම අවස්ථාවේදී වෙනත් වාහනයකට දියණියගේ හිස යට වී ඇති බව වාර්තා වේ.
අනතුරට ලක්වූ 17 හැවිරිදි දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර ඇය මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
අනතුරින් පියාට කිසිදු තුවාලයක් සිදු වූ නොමැති බවය.
“ට්‍රැෆික් එක තිබුණා . එක පාරම වාහනයටක් දැම්මා මම බ්රේක් කරා. මට හිතා ගන්න බෑ ලිස්සලා වැටුණා. දෙන්නාම එක පැත්තට වැටුනේ. කොහොම හරි වාහනයක් උඩින් ගිහින් තියෙනවා. මම දකිනකොට වෙලා ඉවරයි.”යනුවෙන් පියා පවසාතිබේ.
