තුනෙන් දෙකක බලය සමඟ ඕනෑම විශ්වාසභංගයකට සූදානම් කියූ ආණ්ඩුව, මේ වන විට ඉල්ලා අස්වීමට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
ආචාර්ය, මහාචාර්ය පිස්සුව හැදුනොත් හොඳ කිරීමට නොහැකි පිස්සුවක් දැයි ගැටලු සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මන්ත්‍රීවරුන් 160 කගේ සහාය තිබිය දී, විපක්ෂයේ 40 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් ඉදිරියේ ආණ්ඩුවට දණ ගැසීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
