.
නිමල් රාජපක්ෂ
මධ්‍යම පලාත තුළ වෙසෙන විවිධ හේතුන්මත රණක්ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් අද දින ( 26 )යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මඟපෙන්වීම මත මහනුවර යුද්ධ හමුදා රෝහලේ පවත්වන ලදි.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙතින් අධික්ෂණය කරනු ලැබු මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු සදහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්ෂණ සිදුකිරීම, දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර, මෙම වෛද්‍ය කඳවුර සඳහා 2000 කට වැඩි පිරිසක් සහභාගි විය.
එහිදි මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥ උපදෙස් ලබාදීමට ද කටයුතු කරන ලදී.
මෙහිදී රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා පමණක් නොව විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ළගම ඥාතීන්ට මෙන්ම යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ටද පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කටයුතු යොදා තිබුණි.
මෙම වැඩසටහනට ප්‍රථම යුද්ධහමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැක ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කර ආශිර්වාද ලබා ගන්නා ලදී.
