නිමල් රාජපක්ෂ –
කොස්සින්න , පරකන්දෙණිය, ගණේමුල්ල , මාකිලංගමුව, අමුණුගොඩ යාගොඩ ,තිබ්බටුගොඩ යන ප්රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම වලදී බීමත් රියදුරන් කොටුකර අධිකරණයට ඉදිරිපත් කොට රුපියල් හැටදෙලක්ෂ පනස් දහසක (62 50 000 /දඩ මුදලක් රජයට ලබා දීමට ගණේමුල්ල පොලිසිය සමත්වී ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි බිම්ත් රියදුරන් 260 දෙනෙකු කොටු කර ගැනීමට හැකිවුයේ මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිටි අගෝස්තු මස 20 වැනිදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම වලදී බව ගණේමුල්ල පොලිිසිය පැවසුවේය. .
එසේ අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගෙන් 250 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්රාත් වරයා එක් අයෙකුට රුපියල් 25000/ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබේ.
මෙහිදි බීමත් රියදුරන් 250 ට නියම කළ දඩ අනුව රුපියල් 62 50 000/ දඩ ආදායමක් රජයට ලබා දීමට ගණේමුල්ල පොලීසිය සමත්වී ඇත. ඉදිරි බිමත් රියදුරන් අධිකරණ ය මගහැර ඇති බැවින් ඹවුන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබේ. .
බීමත්ව රිය ධාවනය කළ බස් ,වෑන් , මෝටර් කාර් .ත්රීවිල් හා යතුරු පැදි රියදුරන් කොටු කර ගත් අතර වැඩි පුරම බීම්ත්ව රිය ධාවනය කර ඇත්තේ ත්රීරෝද රථ හා යතුරු පැදි කරුවන් බවද ගණේමුල්ල පොලිසිය පැවසුවේය.
බීමත් රියදුරන් කොටු කර ගන්නා පොලිස් නිලධාරියකුට හෝ එම නිලධාරී කණ්ඩායමට රජය මගින්ද රුපියල් පන්දහසක මුදලක් ලබා දීමට කටයුතු කරන බවද මෙහිදි තොරතුරු අනාවරණය විය.
ගණේමුල්ල පොලිස්ථානාධිපති එස්.පි . ප්රිියන්ත මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති මංජුල රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ,සැරයන් වරුන්ව සමරකොන් ,විදුරංග , කොස්තාපල්වරුන්වන ඉෂාන් , ජයනාත් ,මධුශාන් ,ජනිත් යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
