Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිත බව.සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින්  පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව යි පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඔවුන් අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියාකලාපයත් සමඟ තම සංගමය සමග එකඟ වු කොන්දේසී කඩ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.