ආහාර සැපයුම් සේවාවන් සඳහා මෙතෙක් අයකළ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ වැට් බදු සංශෝධන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
ඒ අනුව, මේ මාසයේ සිට ලබාගන්නා නව ඇණවුම් සඳහා 15% – 20% අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බවත්, දැනටමත් වෙන් කර ඇති ඇණවුම් සඳහා 10% ක මිල වැඩි කිරීමක් සිදු කරන බවත් ඔහු ප්‍රකාශකළේය.
මෙම ක්ෂේත්රය මුහුණ දෙන ගැටලුවලට රජයෙන් නිසි සහනයක් හිමි වන්නේ නම්, ගාස්තු නැවත අඩු කිරීමට සූදානම් බවයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
