Spread the love

නිමල් රාජපක්ෂ


රත්නපුර , කුරුවිට ,ඇහැළියගොඩ,කිරිඇල්ල,කලවාන ,නිවිතිගල,පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඹක්තෝඹර් මස 30 වන දින දක්වා ගතවු මාස දහයක කාලයක්තුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් මත්ජාවාරම් කරුවන්ගෙන් අධිකරණ වෙත ඉදිරිපත්කොට ලබාගත් දඩ මුදල් හා කාර්මික අපරාධ වාර්තාව වලින් ලබා ගත් සමථගාස්තු වලින් රුපියල් එක්කෝටි දහහතර ලක්ෂ හයදාස් එකසියයක (11406100/=) දඩ ආදායමක් රජයට ලබා දීමට රත්නපුර සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

මෙම වැටලීම් වලදි නීති විරෝධී කසිප්පු ස්ප්‍රීතු ලීටර් 2821.495ක් ,ගෝඩා ලීටර් 450 ක් ,නීති විරෝධි ලෙස සාදන ලද මත්පැන් ලීටර් 14350 ක්ද ,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිනීම් මේදී අරක්කු ලීටර් 3360 ක්ද,බියර් ලීටර් 1775ක්ද, අනුමත ප්‍රමානයට වඩා රා සන්තකයේ තබාගෙන සිටියදි රා ලීටර් 39000ක්ද, බදු නොගෙවන ලද සිගරැට් 950 ක්ද, ගංජා මිලි ග්‍රැම් 0.750ක්ද නීතියේ රැහැනට හසුකර ගැනීමට රත්නපුර සුරාබදු නිලධාරින් මත්වී ඇත.

අදාල කාලසීමාව තුළ නීති විරෝධී මත් ජාවාරම් කරුවන් 1027 කොටු කර ගත් අතර එම සැකරුවන් රත්නපුර ,අවිස්සාවේල්ල ,කලවාන ,පැල්මඩුල්ල, යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 10001000/= දඩ මුදලක් අයකර ගෙන ඇත.

මීට අමතරව අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හෝටල් ආපනශාලා ,රටබීම හල් , රාත්‍රී සමාජ ශාලා වටලා බලපත්‍ර කොන්දේසි කඩකල බලපත්‍ර ලාභීන්හට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා හා සහකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා බලපත්‍ර ලාභීන්ගෙන් රුපියල් 1405100/= සමථ ගාස්තුවක් අයකර ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් රත්නපුර සහකාර සුරාබදු කොමසාරිස් කලාරසික විජේසිංහ , රත්නපුර සුරාබදු අධිකාරී දීප්ත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් , රත්නපුර සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරික්ෂක ආර්.ඒ.සරත්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන්වන ඒ.ජේ.එම්.එන් .දේහාපිටිය, අයි.බඩ්ලිව්.ආර් නිරෝෂණ, එල්.එල්.බී.ඩබ්ලිව් තෙන්නකෝන්, කේ.ඒ.ඩී.එස් කොතලාවල , සැරයන් එල්.පී. දිසානායක, කෝප්‍රල් වරුන්වන ඩී.එස්.සී දේවගේ,එච්.පී.එස් .චතුර,ජී. කේ .අලස් ,නියාමක කරුණාරත්න යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.