නිමල් රාජපක්ෂ-
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු “රතුවේවි මිහිමඩල” ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අගෝස්තු 28 වන දින කොළඹ පදනම් ආයතනයේදී සිදුවිය.
අනතුරුව වාසුදේව නානායක්කාර මහතා පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ” “වාසුදේව නානායක්කාර ශ්‍රී ලාකික දේශපාලනයේ චරිතයක්, විශේෂයෙන් වාමාංශික දේශපාලනය තුළ බලවත් චරිත කිහිපයක්ම තිබුණා. ඒ වාමාංශික බලපෑම රට අද මෙතැනට ගේන්නත් හේතුවක් වුණා. දේශපාලනිකව අපි එකඟ වුණු තැන් තිබුණා නොවන තැන් තිබුණා.
හැබැයි වාසුදේව කියන චරිතය වාමාංශික දෙශපාලනය වෙනුවෙන් කළ සේවයට ගෞරවයක් තියනවා. 2020 මම පාර්ලිමේන්තුවට එනවිට වාසුදේව සහෝදරයත් පාර්ලිමේන්තවේ හිටියා. අපි එකපේලියේ හිටියා ඔහුගේ දේශපාලන දිවියේ වැදගත් වගේම රසමුසු තැන් කතා කළා මම හිතනවා මේ ග්රනථයේත් ඒ පිලිබඳ සදහන්වෙලා ඇති” යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට මහාසංඝරත්නය, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය, චමල් රාජපකෂ ඇතුළු පාක්ෂිකයින් පවුලේ හිතවතුන් පිරිසක් සහභාගී වූහ.
